Monday, April 13, 2015

හිස්ටග්‍රම් (Histogram) එක ඉගෙන ගනිමු

     එක්ස්පෝෂර් එක සම්බන්ධ සහ කැමරාවෙ තියෙන වැඩි දෙනෙක් භාවිතා නොකරන ඉතා ප්‍රයෝජනවත් tool එකක් හිස්ටග්‍රම්(histogram) එක. මෙය නිවැරදිව exposure එකක් කැමරාවට ලබාදීමට උපකාරී වෙනවා. මෙය නිවැරදිව ඉගෙන ගත්තොත් හැම වෙලාවකම ඔබ පාවිච්චි කරයි!

හිස්ටග්‍රම් (Histogram)

D300_0012

ස්තුතියි.

Tuesday, March 10, 2015

කැමරා සංසන්ධනය – Camera comparision

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් කැමරා මොඩල් කිහිපයක් කියල ඒවයින් කොයි එකද හොඳ කියල. Camera comparision කරන්න හොඳ වෙබ් පිටුවක් තිබෙනවා. ඒ ගැන කියන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. වෙබ් පිටුව තමයි “snapsort.com”. point and shoot කැමරාවල සිට professional කැමරා දක්වා ලොකු database එකක් තිබෙනවා. පහත පිංතූරවල පරිදි අවශ්‍ය මොඩල යොදා සංසන්ධනය කරගන්න පුලුවනි. ලොකු විස්තරයක් ලැබෙන නිසා වෙනත් සංසන්ධනයක් අවශ්‍ය නැති තරම්. එකවිට කැමරා දෙකක් පමණයි සැසඳිය හැක්කේ.

පිටුවට යන්න මෙතන ක්ලික් කරන්න.

webshotsකැමරා මොඩල දෙක දාන්න

1ක්ෂණික සංසන්දනය

2දෙකේ ඇති වෙනස්කම්

3දෙකෙන් හොඳම කැමරාව

4මොඩල දෙකේ සමානකම්

5පෙනුම

හැමෝම සමඟ මෙම තොරතුරු බෙදාගන්න.

ස්තුතියි.

Friday, February 27, 2015

Metering (මීටරින්) එක ඉගෙන ගනිමු

     මීටරින් කියන්නෙත් එක්ස්පෝෂර් එක හා සම්බන්ධ කොටසක් නිසා මෙම එපිසෝඩ් එකත් එක්ස්පෝෂර් එකේම දිගුවක් විධියට කරන්න හිතුවා. metering එකත් ඔබ ඩිජිටල් ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. මෙම එපිසෝඩ් එකෙන් metering ගැන දැනුමක් ඔබට ලබාගැනීමට හැකි වේවි. ඔබේ කොමෙන්ට්ස් අදහස් යෝජනා මෙම බ්ලොගය දිගටම කරගෙන යෑමට මට ලොකු ධෛර්‍යයක්.

Digital Photography - Metering

ස්තුතියි. 

Thursday, January 8, 2015

Exposure(එක්ස්පෝෂර්) එක ඉගෙන ගනිමු.

     ඡායාරූපකරණයේදී අත්‍යවශ්‍යයෙන්ම සෑම දෙනාම දැනගත යුතු  මාතෘකාවක් වන exposure හෙවත් සෙන්සරය මතට වැටෙන ආලෝකය ගැන මෙම එපිසෝඩ් එකෙන් කතා කරනවා. මෙය සෑම කැමරාවකටම පොදු දෙයක් වේ.

Digital Photography - Exposure

ඔබේ අදහස්, යෝජනා මත ඉදිරියටත් කරන්න දෛර්‍යය ලැබෙන බව අමතක කරන්න එපා.

ස්තුතියි.